දේශීය

නිදහස් සමරු උළෙලට සමාගාමීව කොළඹ විශේෂ රථවාහන සැළසුමක්

(UTV | කොළඹ) – ලබන 04 වැනිදා කොළඹදී පැවැත්වෙන නිදහස් දින උත්සවයේ පෙරහුරු පෙළපාලි හේතුවෙන් සෙනසුරාදා සිට දින 5 ක් නිදහස් චතුරස්‍රය ආශ්‍රිත මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙයි.

ඒ අනුව ජනවාරි 30 වනදා සිට පෙබරවාරි 03 වනදා දක්වාත් කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව විශේෂ රථවාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

73 වන නිදහස් දින උළෙල පෙබරවාරි 04 වනදා කොළඹ නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.

පෙරහුරු පැවැත්වෙන දිනයන් හි උදෑසන 6.00 සිට දහවල් 1.00 දක්වා කාලය තුළත් සැමරුම පැවැත්වෙන 4වනදා උදෑසන 4.00 සිට දහවල් 1.00 දක්වා කාලය තුළත් කොළඹ නිදහස් චතුරශ්‍රය, නිදහස් මාවත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව බොරැල්ලේ සිට නෙළුම් පොකුණ වටරවුම දක්වා මාර්ගය වසා දැමෙන අතර, ඒ වෙනුවට බොරැල්ලේ සිට පැමිණෙන වාහන හෝර්ටන් පෙදෙස හරහා විජේරාම මාවත ඔස්සේ වෝඩ් පෙදෙස දෙසට ගමන් කර පුරහල, යුනියන් පෙදෙස හරහා ගමන් කළ හැකි වෙයි.

කොළඹ සිට බොරැල්ල දෙසට ගමන් කරන වාහනවලටද අදාළ මාර්ගය භාවිත කළ හැක.

කෙසේ වෙතත්, ගාලු පාර සහ බෞද්ධාලෝක මාවතේ රථවාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

මහියංගණයේ – ගිරාදුරුකෝට්ටේ නගරවල සියලු කඩ සාප්පු වසා දමයි

Mohamed Dilsad

අද රාත්‍රීයේ සිට යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු සොයාගැනේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment