විදෙස්

නවදිල්ලියේ කළහකාරීව හැසිරුණු ගොවීන් 200 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කළහකාරීව හැසිරුණු ගොවීන් අතුරින් 200 කට ආසන්න පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද සැළකෙන සුප්‍රකට රතු බලකොටුව ආශ්‍රිත ප්‍රදේශවල සී සී ටී වී දර්ශන උපයෝගී කරගනිමින් කළහකාරීන් හඳුනාගෙන ඇත.

විරෝධතාවලදී පොලිස් නිළධාරීන් 300 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට වාර්තාවල දැක්වෙයි.

නව කෘෂිකර්ම නීතිවලට විරෝධය පළකරමින් දහස් සංඛ්‍යාත ගොවීන් පිරිසක් ට්‍රැක්ටර් පෙළපාලියකින් ඉන්දියාවේ 72 වන ජනරජ දිනය යෙදී තිබූ පසුගිය අගහරුවාදා දිනයේදී නවදිල්ලි නුවර දක්වා පැමිණියා.

ඊයේ රාත්‍රියේද විරෝධතාකරුවන් නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ එක් රැස්වී සිටි බව ඉන්දීය වාර්තා සඳහන් කළේය.

 

 

Related posts

ඕස්ට්‍රේලියාවේ හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

ගෑස් ටැංකියක් පුපුරා යයි.35ක් මරුට

Mohamed Dilsad

දකුණු කොරියානු හිටපු ජනපති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment