දේශීය

පානදුර වෙඩි තැබීමේ සැකකරුවන් සොයා STF ඇතුළු පොලිස් කණ්ඩායම් 5 ක්

(UTV | කළුතර) – ඊයේ (25) පෙරවරුවේ පානදුර – පල්ලිමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 05 ක් විමර්ශන ආරම්භ කර ඇත.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සිව් දෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ටී – 56 ගිනි අවියක් උපයෝගි කර ගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති අතර වෙඩි වැදී මියගිය පුද්ගලයාගේ හිසට හානි වී ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ත්‍රිරෝද රථයක ගමන්ගත් පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස ඝාතනය කර තිබුණි.

මියගිය 32 හැවිරිදි පුද්ගලයා ධීවර රැකියාවක නිරත වූ පුද්ගලයෙකු වන අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

 

Related posts

මතුගම ප්‍රාදේශීය සභාවේ බහුතරය සමගි ජන බලවේගයට

Editor O

දිස්ත්‍රික්ක 10 ක් සඳහා පැනවූ නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත්

Mohamed Dilsad

කොරෝනා රෝගීන් වාර්තා වීම දිස්ත්‍රික්ක මට්ටමින්

Mohamed Dilsad

Leave a Comment