දේශීය

කුසල් මෙන්ඩිස්ගෙගෙන් වාර්තාවක්

(UTV | ගාල්ල) – ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් පිට පිට 4 වැනි වරටත් අද (14) ලකුණු නොලබා දැවී ගියේය.

ඒ, එංගලන්තය සමග අද ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ දී ද ඔහු ලකුණු නොලබා දැවී යාමත් සමගයි.

ඒ අනුව ටෙස්ට් තරගවලදී ලකුණු නොලබා අඛණ්ඩව සිව් වරක් දැවී ගිය තෙවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස කුසල් මෙන්ඩිස් අද ඉතිහාසයට එක්විය.

මීට පෙර ගයි ද අල්විස් (1986-88) සහ නුවන් ප්‍රදීප් (2015) / (2017) මෙලෙස අඛණ්ඩව සිව්වරක් ලකුණු නොලබා දැවී ගොස් තිබුණි.

 

 

Related posts

කොරෝනා වැළඳුණු ඉන්දියානුවෙකු කටාර් සිට ලංකාවට එවයි

Mohamed Dilsad

ආනවිලුන්දාවේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ශානි අබේසේකර යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment