ගොසිප්

නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියක්

(UTV | කොළඹ) – මෙරටින් හඳුනා ගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය, පෙර ප්‍රභේදයට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළ නවතම අධ්‍යනයකින් හෙළිව තිබේ.

මේ අතර හඳුනාගත් නව වෛරස් ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වීම පාලනයට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ඇය සඳහන් කළේ, මෙරට මෙතෙක් පැවති වෛරස් ප්‍රභේදය ද වෙනස් වීමේ අවදානමක් ඇති බැවින් සෑම විටම ඒ පිළිබඳ සෞඛ්‍ය අංශ සහ විද්වතුන් අවධානයෙන් පසුවන බවයි.

නව කොරෝනා වෛරස ප්‍රභේද හඳුනා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය වගකීම් විරහිතව කටයුතු කරන බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ මේ දිනවල පැතිර යන භයානක නව වෛරස ප්‍රභේදය මේ වනවිට එංගලන්තයෙන් බාහිර රටවලට ද පැතිර ගොස් ඇති නිසා මෙරටට පැමිණෙන සියු සංචාරකයින්ට මෙම නව ප්‍රභේද හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂක අනුක්‍රමික පරීක්ෂණ සිදුකළ යුතු බවයි.

 

Related posts

ඇදිරි නීතිය මේ මාසයෙන් අවසන්

Mohamed Dilsad

හරීන් ප‍්‍රනාන්දුට හෘදයාබාදයක්…

Mohamed Dilsad

මැතිවරණ දිනය ගැන මහින්ද දේශප්‍රිය කියන කතාව

Mohamed Dilsad

Leave a Comment