දේශීය

කිලෝ 20ක හෙරොයින් තොගයක් අල්ලයි

(UTV |ගාල්ල) – බලපිටිය, කොස්ගොඩ ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 20 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් බෙදාහැරීමට  මෙම මත්කුඩු තොගය සඟවා තබන්නට ඇතැයි සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

එම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය තවදුරටත්  විමර්ශන සිදු කරයි.()

Related posts

අලව්වේ නායයෑමක් – හෙදියක් මරුට

Mohamed Dilsad

කොළඹ වරාය නගරයට අදාළ පෙත්සම් විභාගය හෙටට කල්යයි

Mohamed Dilsad

අත්‍යවශ්‍ය ඖෂධ වල හිඟයක් නැහැ

Mohamed Dilsad

Leave a Comment