දේශීය

කොළඹ වරාය නගරයට අදාළ පෙත්සම් විභාගය හෙටට කල්යයි

(UTV| කොළඹ) – කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට (23) දින දක්වා කල් තබා තිබේ.   

අදාළ පනත් කෙටුම්පතට සිදුකිරීමට යෝජිත සංශෝධන පිළිබඳව අධ්‍යයනය කර හෙට දින කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරියට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

අදාළ පෙත්සම් අද (22) හතරවන දිනටත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගත්තේය.

 

Related posts

ලංකාවෙන් චීනයට “සිලෝන් ටී” යවයි

Mohamed Dilsad

කොවිඩ් එන්නත මෙරටටත් ගෙන එන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් ගණන 238 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment