දේශීය

බොහෝ ප්‍රදේශ වලට අදත් තද වැසි

(UTV |කොළඹ) – අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

ඒ ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙනි.

මේ අනුව දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇති වේ.

උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40 – 50 දක්වා වැඩි විය හැක.

Related posts

5000 දීමනාව දීමේදී වූ අක්‍රමිකතා ගැන විගණකාධිපති විමර්ශන

Mohamed Dilsad

අගෝස්තු සිට නොදිරන ලන්ච්ෂීට් තහනම්

Mohamed Dilsad

යතුරුපැදි අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment