දේශීය

පළාත් රැසක පාසල් ඇරඹේ

(UTV |කොළඹ ) – සියලු පළාත්වල පාසල් අද (11) දිනයේ විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැරය.

අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේ 02 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්තිවල අධ්‍යයන කටයුතු ඒ අනුව අද දිනයේ සිට ආරම්භ කෙරෙන බවය.

විශේෂ වැඩපිළිවෙළක් යටතේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පාසල් විවෘත කිරීම සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.

මේ අතර, නැගෙනහිර පළාතේ පාසල් 32 ක් හැර අනෙක් සියලු පාසල්  අද දිනයේ විවෘත කෙරේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවේ පළාතේ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු සියලු ප්‍රදේශවල පාසල් විවෘත කිරීම සිදුවන බවය.

මේ අතර දකුණු පළාතේ පාසල් 06 ක් හැර අනෙක් සියලු පාසල් අද දිනයේ විවෘත කිරීමට නියමිතය.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් වව්නියාව නගරයේ පාසල් ද සතියකින්ද ප්‍රමාද කිරීමට පියවර ගෙන ඇත.

Related posts

උපාධිධාරීන්ට රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන මස දී

Mohamed Dilsad

තවත් නාගරික මන්ත්‍රීවරයෙකුට කොරෝනා ආසදනය වෙයි

Mohamed Dilsad

රතන හිමියෝ නතර වෙති

Editor O

Leave a Comment