දේශීය

තවත් නාගරික මන්ත්‍රීවරයෙකුට කොරෝනා ආසදනය වෙයි

(UTV |නුවරඑළිය) – හැටන් දික්ඔය නගර සභාවේ තවත් නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

කොවිඩ් -19 ආසාදිත ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගත් නාගරික මන්ත්‍රීවරයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

සභාපතිවරයාගේ ආශ්‍රිතයෙකු වූ හැටන් දික්ඔය නගර සභාවේ තවත් මන්ත්‍රීවරයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට මීටපෙර හඳුනාගෙන තිබුණි.

මේ අතර හැටන් වටවල ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 72ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 600 දෙනෙකු පමණ ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

Related posts

මුදල් ඇමති ධූරය සම්බන්ධයෙන් මංගල පරීක්ෂණයක් ඉල්ලයි

Mohamed Dilsad

සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය තුන්වන දිනටත්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ජනපති සහ ලැට්වියා ජනරජ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment