ගොසිප්

ලේ දන් දුන් කිහිප දෙනෙකුට කොරෝනා බව හෙළි වෙයි

(UTV |ගම්පහ) – ගම්පහ මෝරුපොල ප්‍රදේශයේ පසුගිය (03) දා ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වා ඇති අතර එහිදී ලේ පරිත්‍යාග කළ කිහිපදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ අනුව එම රුධිරය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුබසිංහ මහතා පවසයි.

එම ආසාදිතයින් අතර එකම පවුලේ තිදෙනෙකු සහ තවත් අයෙක් සිටින බවයි වාර්තා වේ.

ඔවුන්ගේ ආශ්‍රිතයින් වන ප්‍රදේශයේ තවත් පවුල් 19ක සාමාජිකයින් 100 දෙනකු පමණ නිරෝධායනයට ලක් කර ඇත.

මෙම ලේ දන්දීමේ වැඩසටහන සම්බන්ධයෙන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පෙර දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවද  වාර්තාවේ.

Related posts

අවසන් තරගයේ දී කලහකාරීව හැසිරුණු 5 කට දැඩි දඩුවම් [VIDEO]

Mohamed Dilsad

ඇමති අර්ජුනට ඉන්දියාවෙන් චෝදනාවක්

Mohamed Dilsad

රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ගත බවට හිටපු ආමාත්‍යවරයෙකුට චෝදනා

Mohamed Dilsad

Leave a Comment