ගොසිප්

ඇමති අර්ජුනට ඉන්දියාවෙන් චෝදනාවක්

(UTV|ඉන්දියාව) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක වත්මන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ලිංගික අතවර චෝදනාවක් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියානු ගුවන් සේවිකාවක් විසින් මෙම චෝදනාව කරමින් සමාජ ජාලවල පණිවුඩයක් තබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි.

1988 වර්ෂයේ දී ගුවන් සේවිකාවක් ලෙස සේවය කරමින් සිටි තමන්ට ඉන්දියාවේ මුම්බායි නගරයේ හෝටලයකදී මෙම සිදුවීමට මුහුණ දීමට සිදුවූ බව ඇය සඳහන් කර ඇත.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මුම්බායි නගරයේ හෝටලයේ රැඳී සිටිනු දුටු තමන් ඇතුළු මිතුරන් පිරිසක් සමරු සටහන් ලබා ගැනීමට එහි ගිය බව සඳහන් කරන ඇය හෝටලයේ පිහිනුම් තටාකය ආසන්නයේදී අර්ජුන රණතුංග තම ශරීරය අනවශ්‍ය ලෙස ඇල්ලූ බවත් තමන් වහා ඉන් මිදී එළියට දිව ආ බවත් ඇය වැඩි දුරටත් පවසා ඇත.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/dssdsssdf-1.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නෙළුම් කුළුණේ සිට බිමට පනින්න Bungee Jump

Mohamed Dilsad

මැති ඇමතිවරු පොකුරකට නිරෝධායනය වන ලෙසට උපදෙස්

Mohamed Dilsad

ලබාගත් ණය වහා ගෙවන්නැයි ඉන්දියාවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment