ක්‍රීඩා

අකිල ධනංජයට තිබු ජාත්‍යන්තර තරඟ තහනම ඉවතට

(UTV |කොළඹ) – අකිල ධනංජය වෙත පනවා තිබු ජාත්‍යන්තර තරඟ තහනම ICC ය විසින් ඉවත් කර තිබේ.

ඒ අනුව දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බව ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

නව ඉරියව්වට අදාළ වීඩියෝ දර්ශන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය 22 වන දා ජගත් ක්‍රිකට් කවුන්සිලයට භාර දී තිබූණි.

ඒවා නැරඹීමෙන් පසු තීරණය වී ඇත්තේ ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්මත අංශක 15 සීමාව තුළ පවතින බවය.

Related posts

පසුගිය දශකයේ හොඳම ටෙස්ට් කණ්ඩායමට රංගන

Mohamed Dilsad

LPL තරඟ කාල සටහන ප්‍රකාශයට පත්කෙරේ

Mohamed Dilsad

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් මුල්‍යාධාර

Mohamed Dilsad

Leave a Comment