ක්‍රීඩා

අකිල ධනංජයට තිබු ජාත්‍යන්තර තරඟ තහනම ඉවතට

(UTV |කොළඹ) – අකිල ධනංජය වෙත පනවා තිබු ජාත්‍යන්තර තරඟ තහනම ICC ය විසින් ඉවත් කර තිබේ.

ඒ අනුව දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බව ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

නව ඉරියව්වට අදාළ වීඩියෝ දර්ශන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය 22 වන දා ජගත් ක්‍රිකට් කවුන්සිලයට භාර දී තිබූණි.

ඒවා නැරඹීමෙන් පසු තීරණය වී ඇත්තේ ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්මත අංශක 15 සීමාව තුළ පවතින බවය.

Related posts

බටහිර ඉන්දීය කොදෙව් තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ට පහසු ජයක්

Editor O

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකාවේ පළමු ඉනිම

Mohamed Dilsad

ක්‍රීඩා ඇමති සුනිල් සහ නියෝජ්‍ය ඇමති සුගත් අතර ගැටුමක්…?

Editor O

Leave a Comment