දේශීය

කෝටි 13ක මත් පෙති අල්ලයි

 (UTV |කොළඹ) – දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවටගෙන ඇති විශාලතම මත්පෙති තොගය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සිය භාරයට ගෙන ඇත.

18,000කින් යුතු මෙම  මත්පෙති තොගය බෙල්ජියමේ සිට මෙරටට ගෙනවිත් ඇති අතර කිලෝ 09ක බරකින් යුක්ත මෙම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් කෝටි 13.5ක් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මධ්‍යම තැපැල් හුවමාරුව ට ලැබී තිබූ පාර්සල් කිහිපයක් පිළිබඳ ශ්‍රී ලංකා රේගුව විසින් කරතිබූ විමර්ශනයක දී, මෙම මත්පෙති තොගය හමුවී ඇත.

මේ සමගම නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව හරහා හුවමාරු  කිරීමට තැත් කළ මත් කොළ තොගයක් ද රේගුව විසින් සොයාගෙන තිබේ.

Related posts

වැල්ලවත්ත ප්‍රදේශය සම්බන්ධයෙන් පැතිරයන පුවත් අසත්‍යයි – පොලිසිය

Mohamed Dilsad

මහනුවර ගොඩනැගිලි විමර්ශණයට විශේෂ ඉංජිනේරු කමිටුවක්

Mohamed Dilsad

ජාතික ලොතරැයි මණ්ඩලය ඇතුළු ආයතන 03 ක් කෝප් කමිටුවට

Mohamed Dilsad

Leave a Comment