දේශීය

මෙරටට ගෙන්වන කොවිඩ් එන්නත ගැන රජයෙන් සහතිකයක්

(UTV |කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් සඳහා හදිසි තත්ත්වයකදී භාවිත කිරීමට සුදුසු යැයි නිර්දේශ කළ එන්නත් පමණක් මෙරටට ගෙන්වන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

කොවිඩ් එන්නත් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඒ බව සඳහන් කළේය.

මෙහිදී ඔහු සඳහන් කළේ කොවිඩ් සඳහා එන්නත් ලබා ගැනීමේදී මූලික කාරණා කිහිපයකට අවධානය යොමු කර තිබේ.

එනම් කුමන වර්ගයේ එන්නත් ලබාගත යුතු ද, එන්නත් ගබඩා කිරීම හා ගබඩා කිරීමේ පහසුකම් සම්බන්ධයෙනි.

එන්නත් ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ කා හටද යන්නත් අවධානයට යොමුව ඇත.

එන්නත් ගබඩා කිරීමේ ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය ශීතකරණ පහසුකම් ගැනත් ප්‍රවාහන පහසුකම් ගැනත් එන්නත් ලබා දෙන්නේ කුමණ ස්ථානවලදී ද යන්නත් අවධානය යොමු කර ඇති බව එන්නත් ලබා දීමේ දී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියි.

මෙහිදී මූලිකත්වය දෙනු ලබන්නේ සෞඛ්‍ය අංශ හා නිධන්ගත රෝගවලින් පෙළෙන වයස වැඩි අයට හා රටේ ආර්ථික මරමස්ථානවල සේවය කරන පිරිස් සඳහා බව ඔහු සඳහන් කළේය.

මේ අතර විදේශිකයින් සංචාරය කිරීමේදී රට තුළ සමාජය සමඟ ගැටීමක් නොවන ආකාරයට එය පවත්වාගෙන යායුතු බවද පෙන්වා දුනි.

ඊට සම්බන්ධවන ශ්‍රී ලාංකික සේවකයන් ඔවුන්ගේ සංචාරයෙන් පසු දින 14ක නිරෝධායන කාලයක් ගත කිරීමේ අවශ්‍යතාවය ද එහිදී පෙන්වා දී තිබේ.

Related posts

දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි රැදවියන්ට විශේෂ ජනපති රාජ්‍ය සමාවක්

Mohamed Dilsad

සේපාල් අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

Mohamed Dilsad

කොවිඩ් මරණ ගණන තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment