දේශීය

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිස්ත්‍රික් 20 කින් කොවිඩ් ආසාදිතයන්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ (03) දිනයේදී දිස්ත්‍රික් 20 කින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයන් 403 ක් වාර්තා වූ අතර , ඉන් 81 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද , 56 ක් මහනුවර දිස්ත්‍රික්කයෙන්ද , 30 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද , 27 ක් කළුතර දිස්ත්‍රික්කයෙන්ද වාර්තා විය.

ත්‍රිකුණාමලයේ 20 ක් , නුවරඑළියේ 18 ක් , අම්පාරේ 17 ක් , කෑගල්ලේ 17 ක් , කුරුණෑගල 14 ක් , රත්නපුර 14 ක් හා මඩකලපුවේ 06 ක් ඊයේ ආසාදිතයන් අතර විය.

මීට අමතරව ගාල්ලේ 04 ක් , යාපනයේ 04 ක් , මාතර 03 ක් , මාතලේ 02 ක් මෙන්ම පුත්තලම – හම්බන්තොට – මොණරාගල – අනුරාධපුර හා කිළිනොච්චි දිස්ත්‍රික්වල 01 අයෙකු බැගින්ද ඊයේ ආසාදිතයන් අතර වෙයි.

 

Related posts

ශ්‍රී ලංකාව අවට සිදුවිය හැකි සමුද්‍රීය විපත් ගැන අවධානය

Mohamed Dilsad

විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා පවතින දැවි තෙල් ප්‍රමාණය පිළිබද සාකච්ඡාවක්

Mohamed Dilsad

ලංකාවට මූල්‍යාධාර දෙන්න IMF කරන අලුත් ම වැඩේ

Mohamed Dilsad

Leave a Comment