දේශීය

අද සිට දින තුනක විශේෂ පොලිස් මෙහෙයුමක්

(UTV | කොළඹ) – නිරෝධායන රීතින්වලට පටහැනිව ක්‍රියාකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා අද (29) සිට අනිද්දා දක්වා දිවයිනපුරා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

අවසර නොගෙන සංවිධාන කරන සාද සහ කණ්ඩායම් වශයෙන් රැස්වන ක්‍රියාකාරකම් වැටලීමට පියවර ගන්නා බවත් ඒ් මහතා අවධාරණය කරයි.

නිරෝධායන රීතින් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඔක්තෝබර් 30 වනදා සිට අත්අඩංගුවට ගත් පිරිස අතරින් වැඩි සංඛ්‍යාවකට මේ වනවිට නඩු පවරා අධිකරණය මගින් දඩ නියම කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

පසුගිය පැය 24 තුළ තවත් පුද්ගලයින් 28 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

 

 

Related posts

සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පාර්ශව 3 ක් එක්වෙයි

Mohamed Dilsad

මහාචාර්ය ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

තුසිත හල්ලොලුවට වරෙන්තු

Editor O

Leave a Comment