දේශීය

සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ

(UTV | නුවරඑළිය) – බැතිමතුන් මහත් භක්තියෙන් වැඳ නමස්කාර කරන මෙවර සිරිපා වන්දනා සමය අදට යෙදී ඇති උඳුවප් පොහොය දිනයට සමගාමීව ආරම්භ වෙයි.   

ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් සඳහන් කලේ අද අලුයම යෙදී තිබූ සුභ නැකතකට අනුව චාරිත්‍රානුකූලව සිරිපා වන්දනා සමය ආරම්භ කළ බවයි.

කෙසේවෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉතා සීමිත පිරිසක් පමණක් උඩමලුවේ චාරිත්‍ර සඳහා සහභාගී කරවාගනු ඇත.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා බැතිමතුන්ට දැනුම් දෙන්නේ හැකිතාක් ජනවාරි මාසයේදී සිරිපා වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙසයි.

සිරිපා වන්දනා වාරය සඳහා බැතිමතුන්ට කොවිඩ් පාලන නීති රීතිවලට අනුකූලව සීමිත පහසුකම් යටතේ ඉඩ සලසා ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

පාසල් සිසුන්ට ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පෙළපොත් සකස් කිරීමට විශේෂ කමිටුවක්

Mohamed Dilsad

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

Mohamed Dilsad

පෙරහුරු ඡන්ද විමසීම්වලට අදාළ වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත

Mohamed Dilsad

Leave a Comment