විදෙස්

කොරෝනා සහන පැකේජයට ජනපති ට්‍රම්ප් අත්සන් තබයි

(UTV |ඇමෙරිකාව) – කොරෝනා සහන සහිත පැකේජයට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විසින් අවසාන මොහොතේදී අත්සන් තබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඊයේ(27) මධ්‍යම රාත්‍රියට පෙර ඊට අත්සන් තබා නොතිබුණේ නම් ඇමෙරිකානු රජය අක්‍රීය කිරීමකට පවා ඉඩ තිබූ බව වාර්තාවේ.

මෙම පණතේ අඩංගු සහන ප්‍රමාණවත් නොවන බව දක්වමිනුයි කෙටුම්පතට අත්සන් තැබීමෙන් වැළකී සිටීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණේය.

කොවිඞ් වසංගතය හමුවේ රැකියා අහිමිවූවන්ට සහන මුදලක් පිරිනැමීම ඇතුලු යෝජනා රැසක් මෙම සහන පැකේජයට අන්තර්ගත කර ඇත.

මෙම කෙටුම්පතේ වටිනාකම ඩොලර් බිලියන 900 කි.

ඊට අත්සන් තැබීම පමාවීම මිලියන 14 ක් රැකියා විරහිත ඇමෙරිකානුවන්ගේ ගෙවීම් සඳහා බලපෑ අතර, දැන් එම දීමනා ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇත.

Related posts

එන්නත් නිපදවන ලොව විශාලතම ඉන්දියානු සමාගමක ගින්නක්

Mohamed Dilsad

මිනිස් හිසකට හුරු හිසක් සහිත වසු පැටවෙකු ඉන්දියාවේ(වීඩියෝව)

Mohamed Dilsad

අධික ශීතල හේතුවෙන් යුරෝපයේ මරණ 55ක්

Mohamed Dilsad

Leave a Comment