දේශීය

සංචාරකයින් ගෙන්වීම අද සිට ඇරඹේ

(UTV |කොළඹ) – කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද (28) සිට යළි ආරම්භ කර තිබේ.

ඒ අනුව අද පස්වරු 1.30 පමණ  යුක්‍රේනයේ සිට ගුවන් මගීන් 185 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සුරියආරච්චි මහතා පැවසුවේ, මෙම සංචාරකයින් පිරිස මෙරට ගුවන්තොටුපොළට ළඟාවීමෙන් අනතුරුව සියලූම නිරෝධායන පිළිවෙත් අනුගමනය කරමින් ඒ කටයුතු සිදු කරන බවයි.

ගුවන්තොටුපොළ කාර්යමණ්ඩලය ඒ අවශ්‍ය කටයුතු සඳහා සූදානමින් කර ඇති බවද ඔහු පැවසීය.

Related posts

වියළි කාළගුණය හේතුවෙන් වකුගඩු – සම ආරක්ෂා කරගැනීමට වැඩිපුර ජලය පානය කරන්න

Mohamed Dilsad

පැය 48ක් තුළ රිය අනතුරුවලින් 30 දෙනෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

බන්ධනාගාර රැඳවියන්ට දුරකථන ඇමතුම් ගැනීමට අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment