ක්‍රීඩා

වනිදු හසරංගගෙන් වසර 49 කට පසු වාර්තාවක්

(UTV | කොළඹ) – ඊයේ දිනයේදි තම මුල්ම ටෙස්‍ට් තරඟයට ක්‍රිඩා කල වනිදු හසරංග ලකුණු 18 ක් ලබා සිටියදි පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවි ගියේ තම මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කල දකුණු අප්‍රිකාවේ Lutho Sipmla ගේ පන්දුවකටයි.

මේ ආකරයට තම මංගල තරඟයට ක්‍රීඩා කල ක්‍රිඩකයෙකු තම මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කල පන්දු යවන්නෙකු අතින් පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය 5 වන අවස්ථාව ලෙස මෙය වාර්තා පොත් අතරට එක් විය.

මෙවැනි දුලභ අවස්ථාවක් අවසන් වරට ටෙස්ට් තරඟයකදි වාර්තා වූයේ ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර කිංග්ස්ටන් හිදී පැවැති තරඟයකදීය.

ඒ 1971 පෙබරවාරි 18 වැනිදාය. එහිදී සටහන් වූයේ Pochia Krishnamurthy b Jack Noriega ලෙසිනි. මෙම ක්‍රීඩකයින් දෙපලද තම මංගල ටෙස්ට් තරඟයට සහභාගි වූ ක්‍රීඩකයින්ය.

 

Related posts

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනි සිලුව ධාවනය ඇරඹෙයි

Mohamed Dilsad

ලහිරු තිරිමාන්නට සහ මිකී ආතර්ටත් කොවිඩ්

Mohamed Dilsad

ICC ශූරයන්ගේ කුසලාන පළමු අවසන් පූර්ව තරගය අද

Mohamed Dilsad

Leave a Comment