විදෙස්

නව කොරෝනා වෛරස් ආසාදිතයන් ලෝ පුරා රටවල් රැසකින් හමුවේ

(UTV | එක්සත් රාජධානිය) – වඩාත් සීග්‍රයෙන් පැතිරෙන නව කොරෝනා වෛරස් ප්‍රභේදය එක්සත් රාජධානියෙන් හඳුනාගත්ත ද මේ වනවිට යුරෝපීය රටවල් රැසකින් මෙන්ම කැනඩාවෙන් සහ ජපානයෙන්ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මේ වන විට මෙම වෛරසය ලොව පුරා පැතිරෙමින් පවතින අතර බ්‍රිතාන්‍යයෙන් පැමිණි පුද්ගලයින් ආශ්‍රිතව ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය සහ ප්‍රංශයෙන් ද නව කොරෝනා වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයින් හමු වී තිබේ.

එමෙන්ම, සංචාරයේ නිරත නොවූ අවදානම් සම්බන්ධතා නොමැති කැනඩාවේ ඔන්ටාරියෝ හි යුවලකටද නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇති බව සඳහන්.

මීට අමතරව නව කොරෝනා වෛරස් ප්‍රභේදය වාර්තා වීමත් සමඟ තම රටේ පදිංචිකරුවන් නොවන විදේශිකයින්ට ජපානයට ඇතුළු වීම හෙට සිට මාසයක කාලයක් තහනම් කර ඇත.

 

 

Related posts

ජනාධිපති ට්‍රම්ප්ගේ හිත වෙනස් වෙයි

Mohamed Dilsad

කිම් ජොන් අන් හමුවීමට ට්‍රම්ප් සුදානම්

Mohamed Dilsad

ප්‍රබල සයිබර් ප්‍රහාරයක්.ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටෙයි.

Mohamed Dilsad

Leave a Comment