ක්‍රීඩා

ලබන වසරේ T 10 වලට යන ක්‍රිකට් ක්‍රීඩකයින් නම් කරයි

(UTV |කොළඹ) – අබුඩාබිහිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන ටී 10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් තෝරා ගැනීම ඊයේ සිදු කෙරුණි.

එම තරගාවලිය ලබන වසරේ ජනවාරි මස 28 වැනිදා සිට පෙබරවාරි මස 6 වැනිදා දක්වා පැවැත්වේ.

කණ්ඩායම් 8ක් එක්වන මෙවර ටී 10 ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනෙකු එක්වීමට නියමිතය.

මෙම ක්‍රීඩක තෝරා ගැනීමට පෙරම තිසර පෙරේරා පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයා ලෙස නම් කළ අතර අතර ඉසුරු උදාන බංග්ලා ටයිගස් කණ්ඩායමේ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයා ලෙසින් නම් කිරීමට කටයුතු කළේය.

තිසර ක්‍රීඩා කරන පූනේ ඩෙවිල්ස් කණ්ඩායමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන අජන්ත මෙන්ඩිස් සහ චාමර කපුගෙදර ඊයේ පැවති ක්‍රීඩක තෝරා ගැනීමේදී එක් කර ගැනීමත් විශේෂත්වයක් විය.

මිට අමතරව දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර දිල්ලි බුල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරයි.

ටීම් අබුඩාබි කණ්ඩායම ක්‍රීඩක තෝරා ගැනීමට පෙරම අවිශ්ක ප්‍රනාන්දු සිය කණ්ඩායමට වෙන් කර ගත්තේය.

සුපිරි ක්‍රීඩක අන්ඩ්‍රේ රසල් ප්‍රධාන විදෙස් ක්‍රීඩකයා ලෙසින් එක් වන නෝර්දන් වොරියර්ස් කණ්ඩායමට යොවුන් ක්‍රීඩක මහේෂ් තීක්ෂණ මිලදී ගැනීමත් මෙවර කැපීපෙනුණි.

එම කණ්ඩායමට නුවන් ප්‍රදීප් දක්‍රීඩා කර ඇත.

පසුගිය වර ටී 10 තරගාවලියේ දී ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ එම කණ්ඩායම මෙවරත්, රදවා ගනිද්දී,ඊයේ ඔවුන් විසින් වනිඳු හසරංග සහ ලහිරු කුමාර මිලදී ගත්තේය.

Related posts

සිව්වැනි දිනය අවසන් – මැතිව්ස් – කුසල් ශතක සමඟ නොදැවි සටනේ..

Mohamed Dilsad

බංග්ලාදේශ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් මුල්‍යාධාර

Mohamed Dilsad

Leave a Comment