දේශීය

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි

(UTV |කොළඹ) – අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, කිළිනොච්චිය, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැක.

උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ.

සෙසු ප්‍රදේශවල ප.ව 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී 50 පමණ තද සුළං ඇති වේ.

adstudio.cloud

Related posts

අයහපත් කාලගුණයෙන් 159 ක් ජීවිතක්ෂයට ; 203 දෙනෙක් ගැන තොරතුරක් නැහැ

Editor O

ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරීම වළක්වා ගන්න පාසල් දරුවන්ට මුහුණ ආවරණ පළඳවන්න – සෞඛ අංශ ඉල්ලීමක් කරයි.

Editor O

නිරෝධායන නීති උල්ලංඝනය : 207 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment