දේශීය

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි

(UTV |කොළඹ) – අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, කිළිනොච්චිය, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැක.

උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ.

සෙසු ප්‍රදේශවල ප.ව 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී 50 පමණ තද සුළං ඇති වේ.

adstudio.cloud

Related posts

පෝ දින උපකාරක පන්ති නැවැත්වීමට ගුරුවරුන් එකඟ වෙයි

Mohamed Dilsad

රිලා – වඳුරු සංගණනයක් කිරීමට සැලසුම්

Editor O

දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සාකච්ඡාවක්

Editor O

Leave a Comment