දේශීය

උත්සව සමයේ මාර්ග ආරක්‍ෂාවට පොලිසියෙන් 9000ක්

(UTV |කොළඹ) -උත්සව සමයේ සියළු දෙනාගේ ආරක්‍ෂාව සඳහා රථවාහන රාජකාරී මෙහෙයුම් කටයුතු ඉහළ නංවනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම මෙහෙයුම් කටයුතු පෙරේදා ආරම්භ කරනු ලැබූ අතර එය ලබන වසරේ ජනවාරි මස 05 වනදා දක්වා ක්‍රියාත්මක කෙරේ.

මේ අනුව රථවාහන මෙහෙයුමට පොලිස් නිලධාරීන් 9000ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙහිදී අපගේ බලාපොරොත්තුව වන්නේ ජනතාව දඩ මුදල්වලට යොමු කිරීම, අත්අඩංගුවට ගැනීම නොව එය සිදුකරන්නේ ජනතාවගේ මාර්ග ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා බව මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

ඒ අනුව මාරක රියඅනතුරු අඩුකිරීමට, බීමතින් රිය ධාවනය කරන පුද්ගලයින් අත්අංඩගුවට ගැනීමට හා මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට වගේම වේගයෙන් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට මෙම මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ නිසා නොසැලකිලිමත්ව රිය පැදවීමෙන් වලකින ලෙසත්,  බීමත්ම රිය පදවන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිව අත්හිටුවීමට හෝ සම්පූර්ණයෙන් අවලංගු කිරීමට අවශ්‍ය කටයුතු කිරීමටද පියවර ගැනීමට නියමිතය.

Related posts

බිත්තර ආනයනයට කැබිනට් මණ්ඩලයේ එකඟතාවය

Mohamed Dilsad

එන්නත් මාත්‍රා තේරීමකට කාලය නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Mohamed Dilsad

ලබන මස පළවනදා සිට විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment