දේශීය

ප්‍රදේශ කීපයකට මිලි මීටර 100 ට වඩා තද වැසි

(UTV | කොළඹ) – අද දිනයේදී පළාත් රැසකට වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව උතුරු නැගෙනහිර , උතුරුමැද , මධ්‍යම , ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් වැසි ඇතිවිය හැක.

මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව , අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රීක්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකි බව ද සඳහන්.

මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු , උතුරුමැද , සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් තරමක තද සුළංද ඇති විය හැකි බව කාළගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

 

Related posts

කොරෝනා ආසාදිතයින් 344කට සුවයි

Mohamed Dilsad

තවත් මඟීන් 315ක් මඩකලපුවට හා වැලිකන්දට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට ජල අත්හිටුවීමක්

Mohamed Dilsad

Leave a Comment