දේශීය

ප්‍රදේශ කීපයකට මිලි මීටර 100 ට වඩා තද වැසි

(UTV | කොළඹ) – අද දිනයේදී පළාත් රැසකට වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව උතුරු නැගෙනහිර , උතුරුමැද , මධ්‍යම , ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් වැසි ඇතිවිය හැක.

මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව , අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රීක්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකි බව ද සඳහන්.

මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු , උතුරුමැද , සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් තරමක තද සුළංද ඇති විය හැකි බව කාළගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

 

Related posts

සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 10 ක් සඳහා පැනවූ නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත්

Mohamed Dilsad

වැල්ලවත්ත – බත්තරමුල්ල බෝට්ටු ප්‍රවාහණ සේවය අද සිට

Mohamed Dilsad

Leave a Comment