ව්‍යාපාරික

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ව්‍යාපාරික අවස්ථා ඉහළ දැමීමට පියවර

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සහ තායිලන්තය ව්‍යාපාරික අවස්ථා ඉහළ නැංවීම සම්බන්ධයෙන් උපාය මාර්ගික ආර්ථික හවුල්කාරිත්වය වැඩි දියුණු කිරීමට සූදානම් බව මෙරට තායිලන්ත තානාපතිනි චූලාමනී චාර්ට්සුවාන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡා සිදුකර ඇත.

තායිලන්තයේ වර්තමාන වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති ශ්‍රී ලංකාව සහ නව ආයෝජන අවස්ථා විවෘත කරන බව ද ඇය එහිදී සඳහන් කළාය.

එමෙන්ම , තායිලන්ත ආයෝජකයන් මෙරට උක් වගාව සඳහා ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට සූදානමින් සිටින බව ද තායිලන්ත තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.

 

 

Related posts

සංචාරක හෝටල් ලියාපදිංචිය අනිවාර්ය කෙරේ

Mohamed Dilsad

HNB SOLO ස්වයංක‍්‍රීය ගෙවීම් කටයතු සඳහා Lanka IOC සමඟ අත්වැල් බැඳ ගනී

Mohamed Dilsad

රන්මිණිතැන්න විකිණීමේ කිසිදු තීරණයක් ගෙන නෑ ජනමාධ්‍ය ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment