ව්‍යාපාරික

රන්මිණිතැන්න විකිණීමේ කිසිදු තීරණයක් ගෙන නෑ ජනමාධ්‍ය ඇමති කියයි

(උදයම්, කොළඹ )-

රන්මිණිතැන්න විකිණීමේ කිසිදු තීරණයක් ගෙන නැති බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දේශපාලන වශයෙන් බංකොළොත් පිරිස් වැරදි ප්‍රචාරයන් ගෙන යන බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ සිට රන්මිණිතැන්නට ඇති දුර ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් එම ස්ථානය කලා කටයුතු සඳහා යොදා ගැනීමේ අඩු ප්‍රවණතාවක් දක්නට ලැබේ.

කෙසේ වුවත් එම ස්ථානය කලාකරුවන්ට වඩාත් ප්‍රයෝජනවත් ලෙස සකස් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Related posts

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විදේශගතවෙලා.

Editor O

රත්‍රං මිල ගණන්වල පහත වැටීමක්

Mohamed Dilsad

කුරුඳු මිල පහළට

Mohamed Dilsad

Leave a Comment