ව්‍යාපාරික

සංචාරක හෝටල් ලියාපදිංචිය අනිවාර්ය කෙරේ

(UTV | කොළඹ) – සංචාරක හෝටල් වල ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණින් දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් ලියාපදිංචිය අනිවාර්ය කර තිබේ.

 ඒ සදහා ඉදිරි මාස 03 ක කාලය තුළ කඩිනම් පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දි තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් දැනටමත් හෝටල් ලියාපදිංචි කිරිමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සදහා විශේෂ නිළධාරි කණ්ඩායමක් ද යොදවා තිබේ.

මේ වන විට දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් 20,000 ක් පමණ රජයේ ලියාපදිංචි වි නැති බවත් ඒ අනුව රජයේ ලියාපදිංචි වී ඇති හොටල් සංඛ්‍යාව 2000 ක් පමණ බවත් සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොටස් වෙළඳපොල මිල දර්ශක යළි ඉහළට

Mohamed Dilsad

ජපානයේ රැකියා සදහා යන ශ්‍රමිකයින්ට නොමිලේ ගුවන් ටිකට්පත්

Mohamed Dilsad

මත්තල ගුවන්තොටුපළ ගැන ආණ්ඩුව තීරණයක් ගනී

Editor O

Leave a Comment