දේශීය

අද කාලගුණයේ වෙනසක්

(UTV | කොළඹ) – දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  

ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර පළාතේ, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00 න් පසුව තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇති විය හැකිය.

Related posts

කුවේටයේදී එල්ලා මැරූ ශ්‍රී ලාංකිකයාගේ දේහය බෙදාගන්න කාන්තාවන් තිදෙනෙක්

Mohamed Dilsad

අධිකරණ නියෝග පිළිබඳ යූටියුබ් කරුවන්ගේ ප්‍රකාශ ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

Editor O

විදුලි බිල ගෙවීම ගැන වදවන ඔබට

Mohamed Dilsad

Leave a Comment