දේශීය

26 ගුවන්තොටුපල සංචාරකයින්ට විවෘත කරන්න සුදානම්

(UTV |කොළඹ) – මේ මස 26 වනදා සිට සංචාරකයින් සඳහා මෙරට ගුවන්තොටුපොළවල් විවෘත කිරීමට සුදානමක් ඇති බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙලෙස ගුවන්තොටුපල කටයුතු ආරම්භ කරනුයේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුකූලව බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ “පාස්කු ප්‍රහාරයත් කොවිඩ් වසංගතයත් නිසා සංචාරක ව්‍යාපාරය අවදානමකට ලක්වෙලා තිබුණා. ඒ නිසා ඊට සම්බන්ධ පිරිස් පීඩාවට පත්වුණා. දැන් නැවත සංචාරක ව්‍යාපාරය අපි ආරම්භ කරන්න කටයුතු කරමින් යනවා. මේ මාසේ 26 වනදා සිට ගුවන්තොටුපළවල් සංචාරකයින්ට විවෘත කරන්න අපි බලාපොරොත්තුවෙනවා. සති දෙකක් තුනක් සංචාරකයින් ඕනම කෙනෙකුට ගේන්න හදලා ඒ අයත් එක්ක මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න සැලසුමක් තියෙනවා. සෞඛ්‍ය හිතකාමීව මේ සංචාර ව්‍යාපාර ආරම්භ කිරීම තමයි අපේ අරමුණ.” යනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Related posts

හිටපු ජනාධිපති මහින්දගේ ආරක්ෂකයන් ගණන අඩුකරයි: ආරක්ෂාවට ත්‍රීරෝද රථයකුත් දෙයි.

Editor O

2021 උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පවත්වන දිනයන් ප්‍රකාශයට පත්කෙරේ

Mohamed Dilsad

ජනපති සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment