දේශීය

2021 උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පවත්වන දිනයන් ප්‍රකාශයට පත්කෙරේ

(UTV | කොළඹ) – 2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04 වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.    

බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 03වන ඉරිදා දිනත් 2021වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ආරම්භ කිරීමටත් සැලසුම්කර ඇතැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පාසල් විෂයමාලා නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම අසීරු තත්ත්වයකට පත්වීම හේතුවෙන් එම තීරණය ගත් බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

 

Related posts

ජනාධිපති සමාව ලැබූ සැකකරු අතුරුදන්…?

Editor O

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍ය අර්බුදයක | සාමාජික මුදල් වහාම ගෙවන්න රටවල් 193කට දැනුම් දෙයි,,

Editor O

ජනපති සහ චීන ආරක්ෂක ඇමති අතර හමුවක් [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment