දේශීය

ශ්‍රීලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ 8 දෙනෙකුට කොරෝනා

(UTV |කොළඹ) – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ශ්‍රීලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොවිඩ්-19 වෛරස ආසාදනය වී තිබේ.

ඒ බව අද (17) ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ශ්‍රී ලංකන් කේටරින් අංශයේ එක් සාමාජිකයෙකුට පසුගියදා කොවිඩ් -19 වෛරසය සම්බන්ධ පරීක්ෂණය සිදුකර තිබෙන අතර එහිදී ඔහු ආසාදිතයෙකු බවට හඳුනා ගැනුණි.

ඉන් පසු ඔහුගේ ආශ්‍රීතයින් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර ඉන් 07 දෙනෙකු ආසාදිත බවට තහවුරු වී තිබේ.

මේ වනවිට අදාළ ආසාදිතයන්ගේ බලපෑමට ලක්වී ඇති අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන් ද PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.

Related posts

මගී ප්‍රවාහනය කළමනාකරණයට ජීපීඑස් තාක්ෂණය

Editor O

රන්ජන් අද රජයේ රස පරීක්ෂක හමුවට

Mohamed Dilsad

මහා පරිමාණයෙන් කසිප්පු පෙරූ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment