දේශීය

පාඨලී චම්පික රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත් වෙයි

(UTV |කොළඹ) – ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (12) සිය ධුරයෙන් මෙන්ම පාඨලී චම්පික රණවක ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වෙයි.

පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඔහුත් සමඟ ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස දේශපාලනයේ නිරත වු තවත් කිහිපදෙනෙකු ද එම පක්ෂයෙන් ඉවත්ව තිබේ.

ඒ අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේ දී ය.

Related posts

මහ මැතිවරණයට පැෆරල් නිරික්ෂකයන් 5,000 ක්

Mohamed Dilsad

කසළ ප්‍රවාහනයට ‘කුරුම්බැට්ටියා’ නමින් බහු කාර්ය පාපැදියක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින්ට ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරිමට පියවර

Mohamed Dilsad

Leave a Comment