කලා

‘ද ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස්’ කතා මාලාවට එක් වන ලාංකික කාන්තාව[PHOTOS]

(UTV |එංගලන්තය) – ලොව පුරා ජනප්‍රිය හොලිවුඩ් කතා මාලාවක් වන “ද ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස්” හි රඟපෑම සඳහා ශ්‍රී ලාංකාවේ උපන් නිළියක් ද තෝරාගෙන තිබේ.

ඇය නමින් තුසිතා ජයසුන්දර වේ.

1971 වසරේදී ශ්‍රී ලංකාවේ උපත ලැබූ තුසිතා, 1993දී නාට්‍ය කලාව පිළිබඳ රාජකීය ඇකඩමියෙන් උපාධිය ලබා ඇති අතර මේ වන විට එංගලන්තයේ ජීවත්වේ.

ඇය ඇතුළුව අලුතෙන් තෝරාගත් නළු නිළි කණ්ඩායම නවසීලන්තයේ මේ වනවිට සිදුකෙරෙමින් පවතින රූගත කිරීම් සඳහා එක්වීමට නියමිතය.

එසේම ඇය විසින් “The Foreigner (2017), Doctor Foster: A Woman Scorned (2015) සහ The Bill (1984) යන චිත්‍රපට සඳහා දායකත්වය ලබා දී ඇති බව විදෙස් වාර්තා පවසයි.

Related posts

හොලිවුඩයේ තිරගත වන අවසන් සුපිරි චිත්‍රපටය ?

Mohamed Dilsad

සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

‘ෆයිටර්’ හි ප්‍රධාන නිළියට අනන්‍යාව තෝරාගනී

Mohamed Dilsad

Leave a Comment