කලා

ඇමසන් ගිනි තැබූ බවට ලියනාඩෝට චෝදනා

 

(UTV | කොළඹ) –  පෘථිවියේ හදවත බඳු වූ ඇමසන් වනය ගිනි තැබීමට ලෝක ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පී ලියනාඩෝ ඩිකැප්රියෝ මුදල් දුන් බව පවසමින් බ්‍රසීල ජනපති ජයිර් බොල්සොනාරෝ ඔහු වෙත චෝදනා එල්ල කර තිබේ.

නමුත් , සති ගණනක් පුරාවට ඇවිලුණු ඇමසන් ගින්න පාලනය කිරීම සඳහා ලියනාඩෝ ඩිකැප්රියෝ විසින් ඇමරිකානු ඩොලර් මිලියන 05 ක මුල්‍ය ආධාරයක් ද පරිත්‍යාග කළේය.

“මේ ලියනාඩෝ ඩිකැප්රියෝ කියන හාදයා නියම මිනිහෙක්, හා බොරු ද? ඇමේසන් වනය ගිනි තියන්න සල්ලි දෙන එක.”

බ්‍රසීල ජනාධිපතිවරයා චෝදනාව සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැති අතර මේවසරේ දී ඇමසන් වනයේ කොටසක් විනාශ කළ ගින්නට හේතු වූ “ජනාධිපතිගේ ප්‍රතිපත්ති” විවේචනය කළ රාජ්‍ය නොවන සංවිධාන වෙත ද මින් පෙර ඔහු චෝදනා එල්ල කර තිබුණි.

කෙසේවෙතත් ලියනාඩෝ මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“ජෝකර්” සිනමාපටයට ඔස්කාර් නිර්දේශ රැසක්

Mohamed Dilsad

JOHN WICK 2 ප්‍රදර්ශනය ඇරඹේ

Mohamed Dilsad

ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂවරයෙකු වන සිඞ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment