දේශීය

රජයේ පළමු සුළං බලාගාරය අද අගමැති අතින් ජනතා අයිතියට

(UTV |මන්නාරම) – මෙරට පළමු සුළං බලාගාරය වන මන්නාරම සුළං බලාගාරය අද(08) ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

මෙගාවොට් 100 ක ධාරිතාවක් ඒ යටතේ ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරෙන බවයි සූර්යබල, සුළං, ජලවිදුලි ජනන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මෙරට තුළ සුළං බලාගාර පැවතුණද ඒවා පෞද්ගලික අංශයට අයත් වේ.

නමුත්  ලංකා විදුලිබල මණ්ඩලය සතුවන පළමු සුළං විදුලි බලාගාරය මෙය වේ.

සුළං කුළුණු 33 කින් සමන්විත මෙම බලාගාරය හරහා විදුලි ඒකකයක් නිෂ්පාදනය කරගැනීමට වැයවන්නේ රුපියල් 10 කටත් වඩා අඩු මුදලකි.

Related posts

බස් ධාවනයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා ට එරෙහි පෙත්සමකට අදාළව අධිකරණ නියෝගයක්

Editor O

ගෝලීය කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 03 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment