දේශීය

රජයේ පළමු සුළං බලාගාරය අද අගමැති අතින් ජනතා අයිතියට

(UTV |මන්නාරම) – මෙරට පළමු සුළං බලාගාරය වන මන්නාරම සුළං බලාගාරය අද(08) ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

මෙගාවොට් 100 ක ධාරිතාවක් ඒ යටතේ ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරෙන බවයි සූර්යබල, සුළං, ජලවිදුලි ජනන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මෙරට තුළ සුළං බලාගාර පැවතුණද ඒවා පෞද්ගලික අංශයට අයත් වේ.

නමුත්  ලංකා විදුලිබල මණ්ඩලය සතුවන පළමු සුළං විදුලි බලාගාරය මෙය වේ.

සුළං කුළුණු 33 කින් සමන්විත මෙම බලාගාරය හරහා විදුලි ඒකකයක් නිෂ්පාදනය කරගැනීමට වැයවන්නේ රුපියල් 10 කටත් වඩා අඩු මුදලකි.

Related posts

ලිට්රෝ ගෑස් නව ගෑස් සිලින්ඩර මිලියනයක් ආනයනයට

Mohamed Dilsad

බිත්තර මිල 40ත්- 45ත් දක්වා යළි ඉහළට. දැන් තේරෙනවද බිත්තරේකින් රු. 8.50ක් යන්නේ කාටද…?

Editor O

හෙද නිලධාරීන්, ආණ්ඩුවට එරෙහිව විරෝධතා අරඹති.

Editor O

Leave a Comment