ව්‍යාපාරික

ආනයනය නතර කිරීමෙන් ජපාන වාහන ආනයනකරුවන් දැඩි අර්බුධයක

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තියත් සමඟ වාහන ආනයනය නතර කිරීමට රජය ගත් තීරණයත් සමඟ ජපානයේ වාහන අපනයනකරුවන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ජපානයේ වාහනකරුවන්ගේ සංගමයේ සභාපති නිශාන්ත මීගල්ල මහතා කියා සිටියේය.

කොළඹ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ සිය සංගමයේ එරට සිටින සාමාජිකයින් මෙරටට ආනයනය කිරීමට සූදානම් කර ඇති වාහන එරට වරායන් තුළ ගාල් කර ඇති බවයි.

මේ හේතුවෙන් ඔවුන් ගැටළු රැසකට මුහුණ දී ඇති අතර, පසුගිය මාර්තු මාසයට පෙර මෙරටට ආනයනය කිරිමට ඇනවුම් කර තිබූ වාහන පමණක් ගෙන්වීමට කටයුතු කරන ලෙස ද ජපානයේ වාහනකරුවන්ගේ සංගමයේ සභාපති නිශාන්ත මීගල්ල එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉල්ලා සිටියේය.

 

 

 

Related posts

මහ බැංකුව නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික ඉහළ දමයි

Mohamed Dilsad

රජය වී කිලෝ 675ක් මිලදී ගත්තා – වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්කන්ද

Editor O

සක්‍රීයව ඇති ව්‍යාපාර ණය ගෙවීමට රජයෙන් සහන කාලයක්

Mohamed Dilsad

Leave a Comment