ව්‍යාපාරික

සක්‍රීයව ඇති ව්‍යාපාර ණය ගෙවීමට රජයෙන් සහන කාලයක්

(UTV | කොළඹ) – සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති සක්‍රීය තත්ත්වයේ පවතින ණය ගෙවීමට රජය සහන කාලයක් ලබාදී තිබේ.

මෙම සහන කාලය ලබාදී ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති සක්‍රීය තත්ත්වයේ ණය සඳහා බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා සහන කාලසීමාවක් ලෙස ලබාදුන් බවයි.

 

Related posts

තිරිඟු පිටි ප්‍රවාහනය කිරීමට දුම්රිය සේවාවක්

Mohamed Dilsad

රන් මිල ඉහළට

Mohamed Dilsad

මහ කන්නයේ දී වගා බිම් හෙක්ටයාර 45000 කට කාබනික පොහොර

Mohamed Dilsad

Leave a Comment