දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක අද (10) රාත්‍රී 10.00 සිට හෙට (11) උදාසන 10.00 තෙක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දී තිබේ.

මේ අනුව කොළඹ 13 , කොළඹ 14 සහ කොළඹ 15 ප්‍රදේශ වලට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබයි.

තවද එම කාලය තුල කොළඹ 01 සහ කොළඹ 11 ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව සඳහන්.

ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ මීට හේතුව ප්‍රධාන නල පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් බවයි.

Related posts

පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම එළිදැක්වේ[PHOTOS]

Mohamed Dilsad

ත්‍රීපෝෂ නිෂ්පාදනය නතර වෙයි : බඩ ඉරිඟු නෑ

Editor O

රිෂාඩ් මන්ත්‍රීතුමාගේ මස්සිනාට නඩුවක් දැම්මා : බලද්දී කාන්තාව කන්‍යාවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment