දේශීය

මහර සියලු රැඳවියන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට

(UTV | මහර) – මහර බන්ධනාගාරයේ සියලුම රැඳවියන් කොරෝනා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර ඇත.

බන්ධනාගාර කළමණාකරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේ මෙම සති අන්තයේ එම පරීක්ෂණ සිදුකරන බවයි.

මහර බන්ධනාගාරයේ 2800 කට අධික සංඛ්‍යාවක් රඳවා සිටියි.

මේ වනවිට කොරෝනා ආසාධිත මෙරට බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 1382 ක්.

මේ අතර මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාවක් ලබන සඳුදා දිනයේදී අධිකරණ අමාත්‍ය අලි ශබ්රි මහතා වෙත භාරදීමට නියමිතයි.

අදාළ පංච පුද්ගල කමිටුව ඊයේ දිනයේදී පළමුවරට මහර බන්ධනාගාර පරිශ්‍රයට ගොස් සාක්ෂි සටහන් කරගනු ලැබුවා.

එහිදී රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර අද දිනයේ ද එම කණ්ඩායම මහර බන්ධනාගාර පරිශ්‍රය වෙත යෑමට නියමිතයි.

 

Related posts

තවත් ප්‍රදේශයක හුදෙකලා බව ඉවත් කෙරේ

Mohamed Dilsad

අද අලුයම සිට තවත් ප්‍රදේශ 04 ක් හුදකලා කරයි

Mohamed Dilsad

දේශීය සේලයින් සඳහා කැබිනට් අනුමැතිය හිමිවෙයි

Mohamed Dilsad

Leave a Comment