දේශීය

මහර සියලු රැඳවියන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට

(UTV | මහර) – මහර බන්ධනාගාරයේ සියලුම රැඳවියන් කොරෝනා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර ඇත.

බන්ධනාගාර කළමණාකරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේ මෙම සති අන්තයේ එම පරීක්ෂණ සිදුකරන බවයි.

මහර බන්ධනාගාරයේ 2800 කට අධික සංඛ්‍යාවක් රඳවා සිටියි.

මේ වනවිට කොරෝනා ආසාධිත මෙරට බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 1382 ක්.

මේ අතර මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාවක් ලබන සඳුදා දිනයේදී අධිකරණ අමාත්‍ය අලි ශබ්රි මහතා වෙත භාරදීමට නියමිතයි.

අදාළ පංච පුද්ගල කමිටුව ඊයේ දිනයේදී පළමුවරට මහර බන්ධනාගාර පරිශ්‍රයට ගොස් සාක්ෂි සටහන් කරගනු ලැබුවා.

එහිදී රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර අද දිනයේ ද එම කණ්ඩායම මහර බන්ධනාගාර පරිශ්‍රය වෙත යෑමට නියමිතයි.

 

Related posts

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා වෙත

Mohamed Dilsad

උගන්ඩාවේ හංගපු සල්ලි මෙරටට ගෙන්නේ කවදාද ? – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ප්‍රශ්නකරයි

Editor O

ගෆූර් ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment