දේශීය

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අගරු චෙක්පත් 8000 ක්

(UTV | කොළඹ) –  2018 වසරේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මුළු හිඟග ආදායම රුපියල් ට්‍රිලියන 1.3 ක් බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඉන් බහුතරය රාජ්‍ය ආයතන විසින් ගෙවිය යුතු ඒවා බවයි.

එම ආයතන පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුව විසින් ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත නිර්දේශයක් ලබාදී තිබේ.

මෙම අති විශාල හිග බදු ආදායමට තවත් හේතුවක් ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දී තිබුණේ, රුපියල් බිලියන 03 ක වටිනාකමින් යුතු චෙක්පත් 8060 ක් අගරුවීම යි.

ඒ සම්බන්ධව මේ වන විටද බදු ගෙවන්නන් 65 කගෙන් යුත් අසාධු ලේඛනයක් සකස් කර ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු නිලධාරීන් කමිටුවට පෙන්වා දී ඇත.

මේ අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස එච්.එම්. ඩබ්ලිව්.සී. බණ්ඩාර පත් කර තිබේ.

 

Related posts

හම්බන්තොට නගරාධිපති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

සිංහල අලුත් අවුරුද්දට පෙර රියැදුරු බලපත් ඔන්ලයින් ක්‍රමයට

Editor O

ජංගම වෙළෙඳ රථ නාවොත් 1965 ට දැනුම් දෙන්න

Mohamed Dilsad

Leave a Comment