විදෙස්

ජපානයේ සියලු වැසියන්ටම කොරෝනා එන්නත නොමිලේ

(UTV| ජපානය) – ජපානයේ සියලු වැසියන්ට කොරෝනා වෛරස් එන්නත නොමිලේ ලබාදීම සඳහා එරට පාර්ලිමේන්තුව දී අද පනතක් සම්මත කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මිලියන 126 ඉක්මවූ ජපානයේ සියලුම වැසියන්ට කොරෝනා එන්නත් ලබාදීම සඳහා වැය වන මුදල අනුමත කිරීමට අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත්කර තිබුණි.

ජපානය විසින් දැනටමත් ෆයිසර් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 60 ක් ඇණවුම් කර ඇති අතර, මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 25 ක් ද ඇණවුම් කර ඇති බව වාර්තා වෙයි.

ඊට අමතරව, බ්‍රිතාන්‍ය , ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇස්ට්‍රා- සෙනෙකා කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 120 ක් ද ඉදිරියේදී ජපානයට ලැබීමට නියමිතව තිබේ.

 

Related posts

මගීන් 66 ක් රැගත් ඉරාන මගී ගුවන් යානයක් කඩා වැටෙයි.

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සුවය ලබා රෝහලෙන් පිටවෙයි

Mohamed Dilsad

නිව්යෝක්හිදී දුම්රියක් පීලි පැන සියයකට වැඩි පිරිසකට තුවාල

Mohamed Dilsad

Leave a Comment