දේශීය

PCR පරීක්ෂණ මඟ හරින අයට එරෙහිව දැඩි පියවර

(UTV | කොළඹ) – අලුතින් හුදෙකලා කෙරුණු ප්‍රදේශවල ඇතැම් පුද්ගලයින් PCR පරීක්ෂණ මග හරින බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව ද පොලිස් මූලස්ථානයේදි මාධ්‍යයට අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

මීට අමතරව , මුහුණු ආවරණ නොපැළදි හා දුරස්ථභාවය තබා නොගත් තවත් පුද්ගලයන් 72 ක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එමෙන්ම කර්මාන්තශාලා ඇතුලු සේවා සපයන සියලු ස්ථානවල අත් පිරිසිදු කිරීමේ හා උෂ්ණත්වය මැන බැලීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කර තිබීම අනිවාර්ය බවද , එවන් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකරන ආයතනවල පාළනාධිකාරියට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා අවධාරණය කළේය.

 

Related posts

කැරොලයින්ට සහ චූලාට ඇප

Mohamed Dilsad

රනිල්ගේ මන්ත්‍රී ධූරයට එරෙහිව ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැසේ

Mohamed Dilsad

Leave a Comment