දේශීය

උසස් පෙළ හා ශිෂ්‍යත්ව උපකාරක පංති පැවැත්විය හැකි අවසාන දින මෙන්න

(UTV| කොළඹ) – මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් උපකාරක පංති පැවැත්විය හැකි අවසාන දිනයන් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව උසස් පෙළ උපකාරක පංති ඔක්තෝබර් 06 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසුවද – 05 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා වන පංති ඔක්තෝබර් 07 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසුවද පැවැත්වීම තහනම් වනු ඇත.

මෙවර උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වනදා ආරම්භ වී නොවැම්බර් 06 වනදා දක්වා පැවැත්වෙනු ලැබේ.

එමෙන්ම පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වන දින පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

Related posts

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 948 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

තැපෑලේ අභ්‍යන්තර කටයුතු අද ඇරඹෙයි

Mohamed Dilsad

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment