දේශීය

විද්‍යාපීඨ අයැදුම්කරුවන් හට විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ඇතුළත්වීම සඳහා අයදුම්පත් යොමු කිරීමේදී සිදුවූ වැරදි හෝ ප්‍රමාද දෝෂ නිවැරදි කිරීම සඳහා දින හතරක සහන කාලයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව හෙට (26) දිනයේ සිට මේ මස 30 වනදා දක්වා අයැදුම්කරුවන් හට මෙම අවස්ථාව හිමිවනු ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත හෝ www.moe.gov.lk වෙබ් අඩවියට පිවිස තම උසස් පෙළ විභාග අංකය ඇතුළත් කර තම අයදුම්පතෙහි අදාළ සංශෝධන සිදුකළ හැකියි.

මෙම වසරේ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා ඇතුළත්වීම සඳහා අයදුම්පත් යොමු කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online)හරහා පමණක් සිදුකරනු ලැබීය.

Related posts

අගමැති හෙට බංග්ලාදේශයට

Mohamed Dilsad

ලබන සඳුදා සිට මිල අඩුවන භාණ්ඩවල මිල දර්ශනය [RELEASE]

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කෑගහන අය පිළිවෙලට හිරේ දානවා – මාලිමා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන්

Editor O

Leave a Comment