දේශීයව්‍යාපාරික

සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයනය කිරීමට සැලසුම්

(UTV | කොළඹ) – සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයනය කිරීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

නොවැම්බර් හා දෙසැම්බර් මාස ඉලක්ක කර ගනිමින් මෙම සහල් තොගය ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.

සහල් මෝල් හිමියන් වෙළෙඳ පොළේ කෘත්‍රීම සහල් හිගයක් ඇති කළ හොත් එම සහල් තොග ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ,

ලක් සතොස හරහා එම සහල් වෙළඳ පොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 96 ක මිලකටත් සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 98 ක මිලකටත් අලෙවි කළ යුතු වන සේ උපරිම සිල්ලර මිලක් පනවා ඇති බවයි.

Related posts

මගී දුම්රියක් ගිනි ගනී

Editor O

අස්වැසුමට ලැබුණු අස්වැසුම

Mohamed Dilsad

“ගැසට් ගහලා ආණ්ඩුව කරන්නේ රටේම ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය කිරීමක්”

Mohamed Dilsad

Leave a Comment