දේශීය

මැණික් ගල් 15කට පොලු තැබූ 6 දෙනෙක් කොටු

(UTV | කොළඹ) –මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැණික් ගල් 15ක් ලබාගෙන ඒ සඳහා ලබා දිය යුතු මුදල් රුපියල් 28,750,000ක් සඳහා මුදල් නොමැති ගිණුම්වලින් චෙක්පත් ලබා දී මෙම මුදල් වංචාව සිදු කර ඇත.

මුදල් වංචාවට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (19) කොටුව පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ සඳහා අධාර අනුබල දුන් අනෙක් සැකකරුන් දෙදෙනා සහ සැකකාරීන් තිදෙනා යාපනය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24, 30 හා 36 යන වයස්වල පසු වන බේරුවල හා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 25, 43, හා 53 යන වයස්වල පසු වන යාපනය ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බව පොලීසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ගුරු උපදේශක වෘත්තිය සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

හිරේ නොයා බෙහෙත් තුණ්ඩු ලියන්නේ කෙසේදැයි, විශේෂඥ දොස්තරලා, ඇමති නලින්දගෙන් අහයි..

Editor O

ඇමති ප්‍රසන්නගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Mohamed Dilsad

Leave a Comment